Night ❣️

Feel a breakdown in your heart,
When the whole world pretend to be stopped.
Feel a attack in your soul,
When all souls pretend to keep you warm and leave you in a glacier cube.
Feel a gunshot in your brain,
When you wanted to pretend to be a stronger one, but you wanted someone to listen to you.
#I_miss_memories ❣️

මං බොරුකාරියක් නම්,

ජීවිතේ ගැන තිබ්බ,
විශ්වාසේ එකින් එක
පොතු ඇරලා මුල්ලකට විසිවෙද්දී,
ආයෙමත් ඕනේ උනා එක වරක් වත්
විසිඋන දේවල් එකලස් කරගන්න.
‘මැණික’,ඔයා ප්‍රමාද වැඩී..
ඔයාගෙන් විසිවුන කිසිම දෙයක් ආයේ හම්බවෙන්නේ නෑ.
හුස්මක් හුස්මක්,
වැස්සක් හුලගක්,
තියන අඩියක් පාසා..
ඔයා ඔයාටම් වෛර කරගන්න,
රෑ අහස දිහා බලන් හූල්ලන,
විදවන වේදනාව ඒ එක මතකෙකට සින්න වෙලා.
ඔයා බොරුකාරියක් උනා
එක මොහොතකින් එක මොහොතක.
ඔයා නොකරපු බොරුවකටනොහිතපු බොරුවකට,
ඔයා බොරුකාරියක් උනා
‘එයාගේ හදවතට’. එක මොහොතකට
ඔයාට ඒක දැනුනා වැඩි ඇති.
ඒකයි ඔයාට විතරක් ඒක මතක.
‘හ්ම්ම්’ අමතක තරමට මතකය සුන්දරයි ‘ලු’ .
-ඈ වෙනුවෙන්. ❤️

හීන ගේන 🌙

වැස්ස වහින වේගෙ එක්ක,
හිත හිමිහිට කඩන් වැටෙද්දී,
ලග පාතක කවුරුත් නැති වග
හිත් කොන් අස්සෙන් හිමිහිට ඉගි පාන අස්සේ,
හිත මේ අහන්න ටිකක්.
හද මගේ උනාට
අහස මගේ නෙවෙයි.
තරු වලට මට අයිතියක් තිබ්බට
අහස මගේ නෙවෙයි.
වැස්ස කොයි තරම් වැස්සත්,
මහ පොලොව දරා ගන්නේ පුලුවන් තරමක් විතරයි.
ගලන වැස්සත් අහසින් පොලවට වැටිච්ච, හදේ හැඩ වින්ද වැස්සක්.
ඒ ටික තෙරුම් ගත්තම,
නොලැබෙන හද, තරු අහස දිහා බලන් ඉදලා ජීවත් වෙත හැකි වෙයි :’)
-ඇනී (ඇසිල්ලක් ලද විටෙක) 🐠

කවිය නුඹ 🌙

කවිකාර දග කෙල්ල
කවි එකින් එක වියන,
කවිකාර හිතුවිල්ල හිත් කොනේ පිදිච්ච
එක හුලං සරෙන් එන
එක සරින් මෑත් වෙන.
වචන,පද එකින් එක
යා වෙවී එළි මවන,
උස් කුළුනු , බිම් ගෙවල් තුළින් මග පාදාන,
අනවසර තිත් කොමා අවසරෙන් හිත ඇදුන,
මා උරුම කර ගත්ත කවිකාර හිත් මළුව.
-ඈ

Last day 🐾️

‘Let the time pass’ she whispered to herself

She saw the sun waving at her.

With Spongy orange clouds and blue sky

Both Gathered to say good bye.

Yet,

She’s waiting till the moon rise up.

To say Hello.

But

She forgot that

she’s a Sunflower

Who deserve to die under the darkness

Which walks in with the moon.

-annie 🌼